ප්‍රංශ අග්‍රාමාත්‍ය ෆ්‍රන්සුවා බෙයිරූ එරට පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්වේ.
ඒ අනුව, ඔහු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමත් සමග ප්‍රංශයේ නව දේශපාලන අර්බුදයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අගමැති ෆ්‍රන්සුවා බෙයිරූ සහ රජයට එරෙහිව ඡන්ද 364ක් ප්‍රකාශ කර තිබේ.
ඒ, යූරෝ බිලියන 44 ක වියදම් කපා හැරීමේ රජයේ අයවැය සැලැස්ම ප්‍රතික්ෂේප කරමින්ය. අගමැතිවරයාට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 194 පමණි.
ජාතික නිවාඩු දින දෙකක් අහෝසි කිරීම, සුභසාධන ගෙවීම් කප්පාදු කිරීම සහ උද්ධමනයට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහල දැමීම තාවකාලිකව නතර කිරීම ලබන වසරේ අයවැයට ඇතුළත් කර තිබේ.
අගමැති ෆ්‍රන්සුවා බෙයිරූ සදහන් කළේ, මෙම යෝජානවලිය මගින් ට්‍රිලියන තුනකට වඩා වැඩි ප්‍රංශයේ ණය අවමකිරීමේ සැලැස්මක් ලෙස මෙම යෝජනාවලිය අයවැයට ඇතුලත් කළ බවයි.
එහෙත් සුභසාධන ගෙවීම් කපාහැරීම මගින් ප්‍රංශ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ මන්ත්‍රීවරුන් පවසයි.
ප්‍රංශ ව්යවස්ථාව අනුව අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් හට බාරදීම සිදුවන අතර, එය අද දිනයේදී සිදුවීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා නව අගමැතිවරයෙකු පත් කරන අතර, ඔහු අමාත්‍ය මණ්ඩලයක් සහිතව නව රජයක් පිහිටුවනු ලබයි.
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ සිය දෙවන ධුර කාලය තුළ ප්‍රංශ පාර්ලිමේන්තුව මගින් නෙරපා හැරූ හිටපු අග්‍රාමාත්‍ය මිෂෙල් බාර්නියේ ගෙන් පසු බලයෙන් පහ කරන ලද දෙවන අගමැති බවට ෆ්‍රන්සුවා බෙයිරූ පත්වේ.







