දේශපාලන පක්ෂ 17ක නායකයින් ජී. එල්. පීරිස්ගේ නිවසට

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි නිවසේදී හදිසි දේශපාලන රැස්වීමක් පවත්වා ඇති බව වාර්තා වනවා.

පසුගිය 07 වෙනිදා සවස මෙම රැස්වීම පවත්වා ඇති අතර ඒ සඳහා සහභාගීවන ලෙස දේශපාලන පක්ෂ 17ක නායකයින්ට හා නියෝජිතයින්ට ආරාධනාකොට ඇත්තේ මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් බවද වාර්තා වනවා.
තවද අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ, වත්මන් මාලිමා ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි.

රවුෆ් හකීම්, ජීවන් තොණ්ඩමන්, පලනි දිගම්බරම්, කබීර් හෂිම්, මනෝ ගනේෂන්, ඩී.වී. චානක, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ, ඇතුළු දේශපාලන පක්ෂ දාහතක නියෝජිතයින් මෙම හමුවට සහභාගීවී තිබෙනවා.