ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර – රථ වාහන සැලැස්​ම

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) පැවැත්වෙනවා.

ඒ අනුව, අද රාත්‍රී 6.51 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව එම පෙරහැර ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පෙරහැර පිටත්ව, ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ පැමිණ ඩී.එස් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළවිත් අවසන් රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි.

අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රි 7.00 සිට ‘හෙළකුරු’ ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.

අද දිනයේ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම පහතින්.

 news images news images