රට පුරා ග්‍රාම සේවා වසම් මට්ටමින් මේ වන විට යූත් ක්ලබ් ගොඩනැඟීමෙන් පසුව ප්‍රාදේශීය සම්මේලන සහ දිස්ත්‍රික් සම්මේලන පිහිටුවා අවසන්ව ඇති බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලබන 12 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එළිදැක්වීමට සූදානම් YOUTH CLUB ජාතික සමුළුව වෙනුවෙන් රට පුරා තාරුණ්‍යය දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද පසුගියදා (05දා) සිට ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
YOUTH CLUB ජාතික සම්මේලනය පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන නුවරඑළිය නගරයේදී පැවැත්විණි.
පසුගියදා (05දා) සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඉදිරි දිනවලදී සිදු කිරීමට නියමිත බව ද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.








