සංස්කෘතික සංරක්ෂණය ප්‍රතිසංස්කරණය සඳහා වූ අමෙරිකානු තානාපති අරමුදලේ රුපියල් මිලියන 77ක මුදලකින් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි රජ මාලිගාව සහ පුරාවිද්‍යා කෞතුකාගාරය එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මියගේ සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) විවෘත කෙරුණි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වසරේ දී ආරම්භ විය. අදියර දෙකකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. පළමු අදියරේ දී රාජ මාලිගාවේ ඓතිහාසික යටිතල පහසුකම් සංරක්ෂණය කිරීම සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කෙරුණි.
දෙවන අදියර යටතේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ඒ ආකාරයෙන්ම මතු පරපුර වෙත ආරක්ෂා කරදීම කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය දශක ගණනාවක් පුරා ඉතා සහයෝගයෙන් වැඩ කටයුතු සිදු කරන බවත් මෙම වැඩපිළිවෙළ තුළින් ද පෙනී යන්නේ එම ශක්තිමත් පදනමේ ස්වභාවය බවත් මෙහි දී අෙමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය කීවාය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අනාගත පරපුර සඳහා ආරක්ෂා කරදීම පමණක් නොව එහි ස්වභාවය ලොවට ප්‍රදර්ශනය කිරීම ද මේ ඔස්සේ සිදුවන බවත් මෙම කෞතුකාගාරය ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයින්ට ශ්‍රී ලංකා ඉතිහාසය ගවේෂණය කිරීමට තෝතැන්නක් වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා මෙම ඓතිහාසික ස්ථානය මනා පිටුබලයක් වනු ඇතැයි ද තානාපතිනිය කීවාය.
මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තෙම්න්තුවේ හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගි වූහ.








