“සේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකා” සංවි­ධා­නය උතුරු-නැඟෙ­න­හිර සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ළමුන්ට අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය රැසක් පරි­ත්‍යාග කරයි

උතුරු – නැඟෙ­න­හිර පළාත් සඳහා බලපෑ සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ළමුන්ගේ සහ පවු­ල්වල හදිසි අව­ශ්‍යතා සඳහා ප්‍රති­චාර දක්ව­මින් මඩ­ක­ල­පුවේ සහ කිළි­නො­ච්චියේ ළමුන් 800කට අධික පිරි­ස­කට අවශ්‍ය ආධාර ලබා­දී­මට Òසේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකාÓ සංවි­ධා­නය කට­යුතු කළ බව එම සංවි­ධා­නය පව­සයි.

රජය සහ ස්වේච්ඡා සේව­ක­යන් සමඟ එක්ව මඩ­ක­ල­පුව හා කිළි­නො­ච්චිය යන දිස්ත්‍රි­ක්ක­යන්හි කුඩා දරු­වන් සිටින පවුල්, කාන්තා මූලික පවුල් සහ ආබාධ සහිත පුද්ග­ල­යන් සිටින ආප­දා­වෙන් විප­තට පත් වූ ජන­තා­වට අත්‍ය­වශ්‍ය ද්‍රව්‍ය රැසක් පරි­ත්‍යාග කළ බව ද ඔවුහු සඳ­හන් කළහ.

ඒ අනුව මුළු­තැ­න්ගෙයි උප­ක­රණ, මදුරු දැල්, ඇඳ ඇති­රිලි, ජෙරි කෑන්, ළදරු සබන්, ළදරු ක්‍රීම්, මදුරු දැල්, තුවා ආදිය සහිත භාණ්ඩ රැසක් ඇතු­ළත් කට්ටල මෙසේ බෙදා දුන් බව ද එම සංග­මය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.