හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට නිවේදනය කර තිබෙනවා.
පසුගිය වසරේ ආර්ථිකයේ පැවැති තත්ත්වයන් හමුවේ රට ආර්ථික වශයෙන් විවිධ බලපෑම්වලට ලක්වූ බවත් බංකොලොත් බවට පත් වූ පසුව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග එක්ව රටේ ආර්ථිකය ගොඩ නැංවීමට කැප වී ක්‍රියාකිරීමට තමාට හැකි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රට හා ආර්ථිකය ස්ථාවර වූ විට එහි ප්රතිලාභ ජනතවට හිමි වනු ඇති නිසා ජනතාව විසින් එය අවබෝධ කර ගැනීමට සමත්වනු ඇතැයි තමා විශ්වාස කළ බවත් නමුත් රටක් ලෙස සිදුකළ කැපකිරීම් සහ ලද ජයග්රහණයන් සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් නොතිබුණු බව තමා විශ්වාස කළ බවද මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළ බවද ඔහු සඳහන් කළා.
මේ හේතුවෙන් පසුගිය රජය විසින් මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති ගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව තමන් කලකිරීමට පත්වූ බැවින් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවීමට තීරණය කළ බවයි හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.