සිමෙන්ති ලොරිය තවත් ලොරි දෙකක ගැටී කණ්ඩියේ වද්දවා ලොරිය නවත්වා ගැනී­මට යද්දී ඉදි­රි­යෙන් මගී බස­යක් ආවා / මගී බසයේ ගැටුණි නම් ජීවිත හානි රැසක් – සිද්ධිය ඇසින් දුටු­වෙක් කියයි

හම්බ­න්තොට සිට කෑග­ල්ලට සිමෙන්ති ටොන් තිහක් රැගෙන යමින් තිබූ ලොරි රථ­යක් තිරිංග ක්‍රියා විර­හි­ත­වී­මෙන් රත්න­පුර පතු­ල්පාන ප්‍රදේ­ශ­යේදී ලොරි දෙකක ගැටී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් ලොරි­යක් ද සමඟ ඊයේ (07) පෙර­වරු 7.30ට පමණ දොඩං­ගහ ඇළට පෙරැළී යෑමෙන්  සිදුවූ අන­තු­ර­කින් සිමෙන්ති ලොරියේ රියැ­දුරා එම ස්ථාන­යේ­දීම මර­ණ­යට පත්ව ඇත.

මේ අන­තුර ඇසින් දුටු­වකු පැව­සුවේ සිමෙන්ති ලොරියේ රියැ­දුරා ලොරියේ රියැ­දුරු අසුන ආස­න්නයේ ජනේ­ල­යෙන් බෙල්ල එළි­යට දමා බ්‍රේක් නැති බව කිය­මින් කෑගැසූ බවයි. රියැ­දුරා වම්පස ඉවු­රට ලොරිය යොමු කර කණ්ඩියේ වද්දවා ලොරිය නවතා ගැනී­මට  උත්සාහ කරන අව­ස්ථාවේ ඉදි­රි­යෙන් මගී බස් රථ­යක් පැමිණි බව ද ඇසින් දුටු පුද්ග­ලයා පැව­සීය.

මගී බස් රථයේ රථය ගැටුණි නම් විශාල ජීවිත හානි­යක් සිදු­වී­මට ඉඩ තිබුණු බවත් ලොරියේ රියැ­දුරු එම අන­තුර වළක්වා ගනි­මින් ලොරිය  දකු­ණට කැපී­මේදී ඒ ආස­න්නයේ තිබූ වෙනත් ලොරි­යක ගැටී මේ සිමෙන්ති පැටවූ ලොරිය ගැටුණු බවත් ඔහු පව­සයි. අන­තු­රුව ඒ ආස­න්න­යේම නවතා තිබූ තවත් ලොරි­යක ද  ගැටී එම ලොරිය ද සමඟ සිමෙන්ති පැටවූ ලොරිය දොඩං­ගහ ඇළට පෙරැළී ගොස් ඇත.