කොළඹ ආනන්ද විද්‍යා­ල­යීය ශිෂ්‍ය සංග­ම­යෙන් ලේ දන්දීමේ වැඩ­ස­ට­හ­නක්

කොළඹ ආනන්ද විද්‍යා­ල­යීය ශිෂ්‍ය නායක සංග­මය විසින් ප්‍රථම වරට සංවි­ධාන කරන ලද red hope ලේ දන්දීමේ වැඩ­ස­ට­හන එම විද්‍යා­ල­යේදී ඊයේ (07) පැවැ­ත්විණි. මේ වැඩ­ස­ට­හන බාහිර සමා­ජ­යට පම­ණක් සීමා නොකොට පාසල් සිසුන් අතර ද ව්‍යාප්ත කිරීම අර­මුණු කර­ග­නි­මින් මෙය සංවි­ධාන කර තිබුණි.

මෙහිදී විද්‍යා­ලයේ සිසුන් ලේ පරි­ත්‍යාග කිරී­මට එක්ව සිටි අතර කනිෂ්ඨ ශිෂ්‍ය නාය­ක­යන් විසින් මේ වැඩ­ස­ට­හන මෙහෙ­ය­වන ලදී.

සිසුන් විසින් පරි­ත්‍යාග කරන ලද ලේ හදිසි රෝගීන්ගේ භාවි­තය සඳහා ජාතික ලේ බැංකු­වට දීමට මෙහිදී කට­යුතු කරනු ලැබීය.

මේ වැඩ­ස­ට­හන සමස්ත පාසල් පද්ධ­ති­යට සහ සිසුන්ට ආද­ර්ශ­යක් බව පැමිණ සිටි ආචා­ර්වරු පැවැ­සූහ.