TikTok තහනම් කිරීම සඳහා වන පනතක් අමෙරිකාව සම්මත කරයි

අමෙරිකාව පුරා TikTok තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

සභාවේ සාමාජිකයින් 435 දෙනාගෙන් 352 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් එය නීතියක් බවට පත් වීමට නම්, පළමුව සෙනට් සභාවේ අනුමැතිය හිමි විය යුතු අතර, පසුව ජනාධිපතිවරයාද ඊට අත්සන් තැබිය යුතු වනවා.

TikTok යෙදවුම චීන සමාගමකට අයත් වන අතර, දළ වශයෙන් මිලියන 170 ක් වන ඇමරිකානු පරිශීලකයින්ගෙන් TikTok එකතු කරන දත්ත එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි අමෙරිකානු බලධාරීන් අනතුරු අඟවන්නේ.

අදාළ යෝජනාව සෙනට් සභාවෙන් අනුමත වුවහොත් තමා ඊට අත්සන් තබන බවද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *