A/L විභාගය 12 දීත්, O/L විභාගය 10 දීත් පවත්වන්න බලාපොරොත්තු වෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.

දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගය ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, 11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ.

වර්තමානයේ කුඩා දරුවන් හට ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇති බවත්, එම නිසා කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය”  (Pre-Grade) ආරම්භ කිරීමට සූදානමින් සිටින බවද එහිදී හෙළි කෙරුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දැනට තිබෙන කලාප අධ්‍යාපන කාර්යාල 100ක සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

news images