ලෝක මාධ්‍ය බල­වතා 92 හැවි­රිදි මර්ඩොක් 6 වැනි වර­ටත් විවාහ ගිවිස ගනී

ලෝක මාධ්‍ය බල­ව­තකු වන අමෙ­රි­කාවේ ප්‍රකෝ­ටි­පති ව්‍යාපා­රික රූපර්ට් මර්ඩොක් 6 වැනි වතා­ව­ටත් විවාහ ගිවි­ස­ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 92 හැවි­රිදි මේ මාධ්‍ය බල­වතා මෙවර විවාහ ගිවිස ගෙන ඇත්තේ රුසි­යානු ක්ෂුද්‍ර­ජීව විද්‍යා­ඥ­ව­රි­යක වූ 67 හැවි­රිදි එලේනා සුකෝවා සමඟ බව ද වාර්තා වේ.

වසර 1956දී පළ­මු­ව­රට පැට්‍රි­සියා බුකර් නමැති ඔස්ට්‍රේ­ලි­යානු ජාතික ගුවන් සේවි­කා­වක සමඟ විවාහ වී සිටි මර්ඩොක් 1967 දී දෙවැනි විවා­හය සිදු කර­ගෙන ඇත්තේ ස්කොට්ල­න්තයේ මාධ්‍ය­වේ­දි­නි­යක වූ ඇනා ටොර්ව් සම­ගය. අන­තු­රුව 1999දී චීන ජාතික වෙන්ඩි ඩෙංග් සමඟ විවාහ වූ මර්ඩොක් හිටපු මෝස්තර නිරූ­පි­කා­වක වූ ජෙරී හෝල් සමඟ අති­නත ගත්තේ 2016දීය. අන­තු­රුව ඔහු විවාහ ගිවිස ගෙන සිටියේ අමෙ­රි­කාවේ හිටපු ගුවන් විදුලි නිවේ­දි­කා­වක වූ ඈන් ලෙස්ලි සම­ඟය.

ලොව පුරා සිය ගණ­නා­වක පුව­ත්පත් සමූ­හ­යක් ප්‍රකා­ශ­යට පත් කරන අමෙ­රි­කාව කේන්ද්‍ර කර­ගත් නිව්ස් කෝප­රේ­ෂන් සමා­ගමේ හිමි­කරු වන මර්ඩොක්ගේ පුව­ත්පත් ජාලය එංග­ල­න්තය, ඔස්ට්‍රේ­ලි­යාව, අමෙ­රි­කාව ඇතුළු රට­වල් රැසක ව්‍යාප්තව ඇති අතර, ඔහු සතුව එම රට­වල රූප­වා­හිනි නාලිකා ද තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *