මානු­ෂීය ආධාර සැප­යීම වේග­වත් කිරී­මට ගාසා තීර­යට අමෙ­රි­කා­වෙන් තාව­කා­ලික වරා­යක්

මානු­ෂීය ආධාර වැඩි වශ­යෙන් සැපැ­යීම සඳහා ගාසා තීරයේ තාව­කා­ලික වරා­යක් ඉදි කරන බව අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම වරාය ඉදි කිරී­මෙන් පසු ගාසා තීරයේ අව­තැන් වූ පල­ස්තීන ජන­තා­වට අත්‍ය­වශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමා­ණ­යෙන් දෛනි­කව සැපැ­යී­මට හැකි­යාව ලැබෙනු ඇතැයි ගාසා තීරයේ නිල­ධා­රින් අපේක්ෂා කරන බව ද වාර්තා වේ.

පසු­ගි­යදා අමෙ­රි­කානු හමු­දාව ගාසා තීර­යට ගුව­නින් ආහාර මලු විශාල සංඛ්‍යා­වක් සපයා තිබූ අතර, වර්ත­මා­නයේ ගාසා තීරයේ උද්ගත වී ඇති තත්ත්වය ඉතා බර­ප­තළ බව පිළි­ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අමෙ­රි­කාව විසින් ඉදි කිරි­මට යෝජිත ගාසා තීරයේ තාව­කා­ලික වරායේ වැඩ­ක­ට­යුතු එරට යුද හමු­දාව මගින් සිදු­වනු ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද ගාසා තීරයේ අමෙ­රි­කානු හමුදා කඳ­වු­රක් ගොඩ නැඟීමේ අර­මු­ණක් නැති බවත් ජෝ බයිඩ්න් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *