වැලන්ටයින් දිනයේදී විවාහ ගිවිස ගත් අගමැති

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඔහුගේ පෙම්වතිය වන Jodie Haydon සමග විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබෙනවා.

ඔහු (14) ආදරවන්තයින්ගේ දිනයේදී අගමැතිගේ නිල Canberra නිවසේදී ඔහු විශේෂයෙන් නිර්මාණය කළ මුද්දක් සමග ඔහුගේ පෙම්වතියට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

60 හැවිරිදි Albanese සහ 45 හැවිරිදි Haydon 2020දී Melbourne හි ව්‍යාපාරික රාත්‍රී භෝජන සංග්‍රහයක දී හමුවුණා.

අගමැති ධුරයේ සිටියදී විවාහ ගිවිසගත් පළමු ඔස්ට්‍රේලියානු නායකයා ඔහු බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Albanese සෙල්ෆි ඡායාරූපයක් සමඟින් සමාජ මාධ්‍යවල “She said yes.” සටහන් තබමින් ඔහුගේ ගිවිස ගැනීම නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *