ජයග්‍රහණය සමරන්නැයි ඉම්රාන් ආධාරකරුවන්ගෙන් ඉල්ලයි

පකිස්ථාන මහ මැතිවරණයෙන් තමන් ජයගත් බව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු වන ඉම්රාන් ඛාන් හා නවාස් ෂරීෆ් සදහන් කර සිටියි.

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බ්‍රහස්පතින්දා පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කර ඇති අතර එය සමරන ලෙස ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට සම්බන්ධ ස්වාධීන අපේක්ෂකයින් මේ වන විට ආසන වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති අතර බහුතර ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර තිබේ.

එහෙත් තවත් හිටපු අගමැතිවරයෙකු වන නවාස් ෂරීෆ් පවසන්නේ තම පක්ෂය විශාලතම පක්ෂය බවට පත්ව ඇති බවත් තමන් සමඟ සන්ධානයට එක්වන ලෙස අන් අයගෙන් ඉල්ලා සිටින බවයි.

විදෙස් වාර්තා පවසන්නේ, සමස්ත බහුතරයක් දිනා ගැනීමට කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් සමත් වී නොමැති බව නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලින් නිරීක්ෂණය වන බවයි.

AI භාවිතයෙන් නිර්මාණය කරන ලද X හි පළ කරන ලද වීඩියෝ පණිවිඩයක් මඟින් ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, ඔහුගේ පකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පීටීඅයි පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *