ඉම්රාන්ට නඩු 12 කට ඇප

දැනට සිරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නඩු කිහිපයකට අදාළව ඇප නියම වී තිබේ.

පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ නිර්මාතෘ 71 හැවිරිදි ඉම්රාන් ඛාන්ට නඩු 12කට අදාළව මෙසේ ඇප නියම වී ඇත.

පකිස්තාන මාධ්‍ය වාර්තා කළේ යුද හමුදා කෞතුකාගාරයට සහ හමුදා මූලස්ථානයට පහරදීම ඇතුළු නඩු 12 කට රුපියල් මිලියනයක ශරීර ඇපයක් ගෙවීමෙන් අනතුරුව විනිසුරු මලික් එජාස් අසීෆ් විසින් ඉම්රාන් ඛාන්ට මෙසේ ඇප නියම කළ බවයි.

ඒ අනුව, මැයි 9 වැනිදා සිට නඩුවලට සම්බන්ධ සියලු චූදිතයන් ඇප මත නිදහස් බැවින් ඒ සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොමැති බවට එරට අධිකරණය තීන්දු කර තිබේ.

කෙසේවෙතත්, තවත් නඩු ගණනාවකට වැරදිකරු වන බැවින් ඉම්රාන්ට තවදුරටත් සිර භාරයේ පසු වීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂ‍යේ ස්වාධීන මන්ත්‍රීවරුන් ජාතික සභාවෙන් ආසන 100කට ආසන්න ප්‍රමාණයක් දිනා ගැනීමෙන් දිනකට පසුව අධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ.

මේ අතර, ඉම්රාන් ඛාන්ට අමතරව පාකිස්තාන හිටපු විදේශ කටයුතු අමාත්‍ය ශා මහමුද් කුරේෂිට ද චෝදනා 13කට ඇප නියම කර ඇති නමුත් ඔහුට ද තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *