එමිරේට්ස් දේශයේ හින්දු කෝවිලක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර ඉදිකළ හින්දු කෝවිල ලබන 14 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතින් විවෘත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අබුඩාබි නුවර ඉන්දීය තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ එම හින්දු කෝවිලේ භාරකාර මණ්ඩලයේ ආරාධනාව අගමැති මෝදි පිළිගනු ලැබු බවය.

හින්දු කෝවිල විවෘත කිරීමට නියමිත දිනයට පෙර දිනයේදී අබුඩාබි නුවර ශේක් සයිඩ් ක්‍රීඩාංගණයේදි ඉන්දීය අගමැතිවරයා එරට සිටින ඉන්දීය ප්‍රජාව අමතනු ඇතැයි ද, ඒ සඳහා එරට පදිංචිව සිටින ඉන්දීය ජාතිකයන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

සාම්ප්‍රදායික හින්දු ආකෘතියට අනුව ඉදිකර ඇති එම කෝවිල උසින් අඩි 108කින් සහ පළලින් අඩි 180කින් යුතු බවත්, කෝවිල් පුදබිම අක්කර 27ක් පුරා පැතිරී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.