SL vs AFG Test : ශ්‍රී ලංකාව ලකුණු 241 ක් ඉදිරියෙන් පළමු ඉනිම අවසන් කරයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

ඒ අනුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 109 ක් තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 439 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141 ක්, දිනේෂ් චන්දිමාල් 107 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 77 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Naveed Zadran කඩුලු 4 ක්, Nijat Masood හා Qais Ahmad කඩුලු 2 ක බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඇෆ්ගනිස්ථාන පළමු ඉනිමට වඩා ලකුණු 241 ක් ඉදිරියෙන් පසුවනවා.

ලකුණු පුවරුව පහතින්.

news images news images news images news images