ඊයේ මැරුණා කියා අද ජීවත්වන Poonam

ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගිය බවට ඊයේ දිනයේ වාර්තාවූ ඉන්දීය සුරූපී රංගන ශිල්පිනියක් හා මෝස්‌තර නිරූපිකාවක් වන Poonam Pandey තමන් ජීවතුන් අතර සිටින බව ප්‍රකාශ කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ සිදුවූ හිත් රිදවීම පිළිබඳව කණගාටුව පළ කරන බවයි.

එමෙන්ම ගැබ් ගෙල පිළිකා රෝගය පිළිබඳව සමාජයේ දැඩි අවධානය යොමු කිරීම තම අරමුණ වූ බවයි ඇය පෙන්වා දී තිබෙන්නේ.

තම මරණය සම්බන්ධයෙන් සිදුකළ අසත්‍ය ප්‍රචාරය හරහා එම අරමුණ සාර්ථක කරගැනීමට හැකිවූ බව ද ඇය සඳහන් කර තිබෙනවා.

Poonam Pandey ඊයේ මියගිය බවට ඇයගේ instagram ගිණුමේ සටහනක් තබා තිබූ අතර ඒ බව සැලවීමත් සමග රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් ශෝකය පළ කර තිබුණා.

කෙසේවෙතත් ඇයගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය පළවෙමින් පවතිනවා.

මතභේදාත්මක ප්‍රකාශ පළ කරමින් සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වූ අයෙකු ලෙස සැලකෙන Poonam Pandey මීට පෙර වතාවන් දෙකකදී ද විවිධ ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *