ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් ඉදිරියේ සිදුකර තිබෙනවා.

තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images news images