අභිරහස් නෞකාවක සුන්බුන් කැනඩාවේ Newfoundland වෙරළට

කැනඩාවේ Newfoundland වෙරළට ගසාගෙන ආ අභිරහස් නෞකාවක සුන්බුන් පිළිබඳව Newfoundland ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Wanda Blackmore නම් කාන්තාව පවසා ඇත්තේ තම පුත්‍රයා වෙරළට ගොස් සිටියදී මීටර් 24ක් දිග ලී නැව දැක ඇති අතර එය 19 වැනි සියවසට අයත් යැයි සිතිය හැකි බවයි.

මෙම සුන්බුන් Newfoundland ඉතිහාසයේ වැදගත් කොටසක් විය හැකි බව එහි ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

එමෙන්ම විශේෂඥයින් එම සුන්බුන් කොටස්වල ඉතිහාසය අනාවරණය කර ගැනීමට උත්සහ කරමින් සිටින බව සඳහන්.

ඒ අනුව පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් (03) සුන්බුන් ගවේෂණය කිරීමට නියමිත අතර මෙම විශේෂිත නෞකාව කවදා ගොඩනඟා ඇතිද සහ ඇයිද යන්න පිළිබඳ හෝඩුවාවන් රැස් කර ගැනීමට නියමිතයි .

මේ දිනවල පවතින ප්‍රබල රළ නිසා නැව වෙරළෙන් ඉවතට හා ගැඹුරු ජලය දෙසට ඇදගෙන යා හැකි බැවින් මෙම කණ්ඩායමට ඔවුන්ගේ ගවේෂණ හැකි ඉක්මනින් සම්පූර්ණ කිරීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *