අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

හැටන් – දික්ඔය නගරයේ වෙළදසැලක් තුල තනිවම ජීවත් වූ අඹුසැමි යුවළක් තියුණූ අයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව හැටන් පොලීසිය පවසයි.

ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළ කාලයක් තිස්සේ එම වෙළඳසැලේ වෙළඳ කටයුතු සිදුකර මේ වනවිට වෙළදසැල වසා දමා තනිවම ජීවත් වූ වී ඇති අතර ඔවුන්ගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි බවත්, හැටන් පොලීසිය මගින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අණාවරණය වී තිබේ.

මේ අතර, කිසියම් පුද්ගලයෙකු මෙම වෙළදසැලතුලට පිවිස මොවුන් දෙදෙනා ඝාතනය කර පලා ගියේද? නැතහොත් මෙය පවුලේ ආරවුලක් මත සිදු වූ දෙයක්ද යන්න හැටන් පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

අඹුසැමි යුවළ එකම ස්ථානයක ඝාතනය කර, ඝාතනයට ලක් වූ කාන්තාව ගෙනවිත් පඩිපෙළ මත දමා ඇති බව පොලීසිය පවසයි.

මොවුන්ගේ දරුවන් ඊයේ (21) පස්වරුවේ දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇතත්, එම දුරකථන ඇමතුම්වලට දෙමව්පියන් ප්‍රතිචාර නොදැක්වීම හමුවේ අසල්වාසීන්ට ඒ බව දැනුම්දීමෙන් පසු අසල්වාසින් විසින් එම වෙළඳසැල විවෘත කර පරක්ෂා කිරීමෙන් පසු මෙම ඝාතනය දැක ඒ සම්බන්ධයෙන් හැටන් පොලීසිය දැනුවත් කර ඇත.

සිද්ධිය වූ ස්ථානය පැමිණි හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ස්ථාන පරික්ෂාව සිදු කිරීමෙන් පසු දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේද සහයෝගය ඇතිව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයේන් හැටන් පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබයි.