ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
ඒ අනුව එම ප්රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මෙන්ම මගීන්ද මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුවත් කර තිබේ.








