අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදුකරන පළමු සංචාරය මෙය බවය.
මෙය ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර සබඳතාවල තීරණාත්මක අවස්ථාවක් බව විදෙස් සඳහන් කළේය.
2025 ඔක්තෝම්බර් මාසයේදී දකුණු කොරියාවේ බුසාන් හි පැවති ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජින්පින් හමුවීමෙන් අනතුරුව ඔවුන් මුහුණට මුහුණ හමුවන පළමු සංචාරය මෙය බව සඳහන්ය.
2025 ජනවාරි 20 වන දින ඔහුගේ දෙවන ජනාධිපති ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු ට්‍රම්ප්ගේ පළමු චීන සංචාරයද මෙය වීම විශේෂත්වයකි.
ඉරානයට එරෙහි ඇමෙරිකානු – ඊශ්‍රායල් යුද්ධය, ගෝලීය තෙල් වෙළඳපොළ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.








