අමෙරිකාවේ උසස් පාසලක පිහි ඇනුමකින් 6දෙනෙකුට තුවාල

අමෙරිකාවේ වොෂින්ටන් හි උසස් පාසලක සිදු වූ පිහි ඇනුමකින් 6දෙනෙකු තුවාල ලබා තිබේ.

එම පාසලේ සිසුවෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම පිහි ප්‍රහාරයට ලක් වූ සිසුන් 05දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.

සැකකාර සිසුවා එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේදී ඔහුද තුවාල ලබා ඇති බව වේ.