කහතුඩුව රිලාවල මංසන්ධියේදී සරසවි සිසුවෙකු පැදවූ යතුරුපැදියක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් සරසවි සිසුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ සිසුවා ප්රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ – හොරණ මාර්ගයේ කොළඹ දෙස සිට කහතුඩුව බලා යතුරුපැදියෙන් පැමිණි සිසුවා, රිලාවල හන්දියේදී හොරණ දෙස සිට පැමිණ කිරිගම්පමුණුව දෙසට එකවරම මාර්ගය හරහා හැරවූ ත්රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
ත්රිරෝද රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, සැකකාර රියදුරු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.








