පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව ලබා දී ඇති වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන හා ජාතික ආරක්ෂාව පෙරදැරි කරගත්, පුළුල් සංවිධානාත්මක ව්‍යුහයකින් යුත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ, අදාළ අමාත්‍යාංශ හා ආයතනවල නියෝජිතයන්ගෙන් මෙන්ම, ප්‍රති-ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images