පාස්කු ත්‍රස්ත ප්‍රහා­රයේ විම­ර්ශන කෙටි කල­කින් අව­සන් කර­නවා

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දැනට පව­තින විම­ර්ශන තවත් කෙටි කාල­යක් තුළ සාර්ථ­කව අව­සන් කිරී­මට හැකි වනු ඇතැයි මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා විශ්වා­සය පළ කරයි. ඊයේ (21) මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේ, මෙම විම­ර්ශන මේ වන විට ඉතා සාර්ථ­කව ඉදි­රි­යට ගොස් ඇති අතර සැල­කිය යුතු ප්‍රග­ති­යක් අත්ක­ර­ගෙන ඇති බවයි. මෙම විම­ර්ශන කට­යුතු නිවැ­රදි මාවතේ මෙහෙ­ය­වීම සඳහා ශ්‍රී ලංකා පොලී­සිය සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අඛ­ණ්ඩව ක්‍රියා කරන බව ද ඔහු වැඩි­දු­ර­ටත් පැව­සීය.

අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළ පරිදි, මෙම විම­ර්ශ­න­වල වත්මන් තත්ත්වය සහ එහි ප්‍රග­තිය පිළි­බඳ මේ වන විටත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව, ඉදිරි කෙටි කාලය තුළ මෙම සියලු පරී­ක්ෂණ සාර්ථ­කව නිමා කිරී­මට හැකි වනු ඇති බවට අමා­ත්‍ය­ව­රයා දැඩි විශ්වා­ස­යක් පළ කළේය.

පාස්කු ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­න­ව­ලට පම­ණක් සීමා නොවී, මෙරට සිදු වූ සිය­ලුම නීති­වි­රෝධි ක්‍රියා­කා­ර­කම් පිළි­බඳ රජයේ අව­ධා­නය යොමු වී ඇති බව අමා­ත්‍ය­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කළේය. විශේ­ෂ­යෙන්ම අල්ලස්, දූෂණ, වංචා සහ මූල්‍ය අව­භා­වි­තා­වන් සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන විම­ර්ශන පූර්ණ විනි­වි­ද­භා­ව­ය­කින් යුතුව සිදු කිරී­මට පිය­වර ගෙන ඇත. ජන­තා­වගේ විශ්වා­සය ආරක්ෂා වන පරිදි මෙම කට­යුතු සිදු කරන බව හෙතෙම සහ­තික විය.

මේ අතර, එළ­ඹෙන මැයි දිනය වෙනු­වෙන් දිව­යින පුරා පැවැ­ත්වී­මට නිය­මිත සිය­ලුම මැයි රැලි සහ උත්සව සඳහා අවශ්‍ය වන පූර්ණ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙළ මේ වන විටත් සම්පූ­ර්ණ­යෙන් සූදා­නම් කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

රක්ෂණ ශ්‍රියන්ත