අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ ගෙවීම් හෙට (22) දින අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකු වෙනුවෙන් අප්‍රේල් මස දීමනාව ලෙස රුපියල් බිලියන 3.087කට අධික මුදලක් ගෙවීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
මීට අමතරව, දෙවන අදියරේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් මිලියන 362.6කට අධික මුදලක් ගෙවනු ලබන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.









