රක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

කිලිනොච්චිය, කාංචිපුරම් ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පැවසීය.

එමෙන්ම අදාළ මළසිරුර හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වී ඇති බව ද වාර්තා වේ.

පශ්චාත් මරණ පරික්ෂණය අද (19) සිදු කිරීමට නියමිතව ඇති අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.