කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශිකයෙකු, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (14) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන ඉන්දීය ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලේ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක පැති බිත්තිවල සඟවා තිබියදී, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 87ක ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ