ජනතාව අනුර කුමාර දිසානායක කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ ද, මේ වන විට ඔහු කෙරෙහි පැවති විශ්වාසය බිඳී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
ජනතාවගේ ඉවසීමේ සීමාව මෙම අලුත් අවුරුදු සමය වන විට අවසන් වන බැවින්, ජනතාවට නායකත්වය ලබා දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








