RMV කොමසාරිස් ජනරාල්ගේ ඥාති පුතෙකුත් අත්අඩංගුවට

Messenger
සංවිධානාත්මක අයුරින් 28 – 8583 අංක දරන කැබ් රථයේ කොටස් නීති විරෝධී ලෙස එකලස් කර රථයේ චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ගේ ඥාති පුත්‍රයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් ඉකුත් 27 වැනිදා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිඥ කමල් සුදන්ත අමරසිංහ කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිල පියස නිවසේදී අත්අඩංගුවට ගෙන පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ආරම්භ කළ මෙම විමර්ශනය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබුණා.

ඒ අනුව අදාල සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගත්තේ.

සැකකාර පුද්ගලයා එම බර සහතික ලබාගෙන එම ලේඛන මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ “ඊ ” කාන්ඩයේ අංකයක් ලබා ගැනීම සඳහා චැසි සංශෝධනයට ඉදිරිපත් කිරීම හා ඊට අමතරව අංක 27-8454 දරන ලොරි රථයේ කොටස් නීති විරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාවතගම මාරලන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූල්‍ය විමර්ශන අංශ (04) මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.