2025 අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව අපේක්ෂකයන් 176,527 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග ප්‍රතිඵල නිවේදනය කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විවිධ හේතූන් මත අපේක්ෂකයන් 111 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් අප්‍රේල් 06 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.
අදාළ නිවේදනය පහතින්.








