ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ ද, චූලෝදර සහ මහෝධර යන නා රජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කර ඇත්තේ ද අද වැනි බක් පුර පසළොස්වක පොහොය දිනයක වීම විශේෂත්වයක් වෙනවා.
එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක් පුර පසළොස්වක පොහෝ දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.







