සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, සම්බා සහ කීරි සම්බා සඳහා ආදේශක ලෙස සැලකෙන, ‘පොන්නි සම්බා’ සහ ‘කීරි / සුදු පොන්නි’ ඇතුළුව ‘GR 11’ ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගවලින් මෙට්‍රික් ටොන් 1,040 ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවසර ලැබෙනවා.

ඕනෑම ආනයනකරුවකුට 2026 අප්‍රේල් 01 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා කාලසීමාව තුළ මෙම සහල් ආනයනය කිරීමට අනුමැතිය ලබා දී තිබෙන අතර, එම සහල් තොග 2026 මැයි 31 වන දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිශ්කාශනය කළ යුතු වනවා.

මෙම සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමට ද එම කැබිනට් යෝජනාවේ දක්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images