2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි, පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළ නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව, 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගනිමින්, පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම මෙහි අරමුණ බවයි සඳහන් වන්නේ.
මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී මතු වූ ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලැබෙන පරිදි සහ කලින් හඳුන්වා දුන් සංශෝධනවලට බලපෑමක් නොවන අයුරින් මෙම නව චක්‍රලේඛය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.








