යල කන්නයේ ලුණු අස්වනු නෙළීම ඇරඹෙයි

යල කන්නයේ ලුණු අස්වනු නෙළීම හම්බන්තොට මහලේවායේදී ආරම්භ කර තිබෙනවා.

ඉදිරියේදී මෙරටට ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවයි මෙම අවස්ථාවට එක් වූ හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී. නන්දන තිලක සඳහන් කළේ.

පලටුපාන, බූන්දල සහ මහලේවාය යන ලේවායන් තුනෙන් ලුණු මෙට්‍රික් ටොන් අනූදහසකට ආසන්න ප්‍රමාණයක් ලබා ගත හැකි බවට මේ වන විට ඇස්තමේන්තු කර තිබෙනවා.

පවතින වියළි කාලගුණ තත්ත්වය තුළ ඉදිරියේදී ලුණු නිෂ්පාදනය වැඩි වීමට ඉඩ පවතින බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.