නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට

පසුගිය සැප්තැම්බර් මාසයේදී රජය පෙරළා දැමීමට හේතු වූ දරුණු විරෝධතාවලදී පුද්ගලයන් රැසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි (KP Sharma Oli) අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේපාල බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කත්මණ්ඩු නුවරට නුදුරින් පිහිටි ඔහුගේ නිවසේදීයි.

විරෝධතාකරුවන්ට වෙඩි තබන ලෙස නියෝග කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් (Ramesh Lekhak) ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඩාන් ගුරුන්ග් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අත්අඩංගුවට ගැනීම් නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.