එළැඹෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශය බලා යාමට නියමිත බව වාර්තා වෙනවා.
ප්‍රංශ විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ජුනි 15 – 17 දක්වා පැවැත්වෙන එම සමුළුවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන බව ඉන්දියාව තහවුරු කර ඇති බවයි.
එමෙන්ම මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන G7 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද එරටට පැමිණ සිටිනවා.
එහිදී ඔහු සහ ප්‍රංශයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන්-නොයෙල් බැරොට් අතර හමුවක් Abbaye des Vaux-de-Ceay හිදී පවත්වා තිබෙනවා.
ප්‍රංශ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එවියන් (Evian) සමුළුවට (ජුනි 15-17) සහභාගී වන බව අග්‍රාමාත්‍ය මෝදි තහවුරු කර තිබීම අමාත්‍යවරුන්ගේ ඇගයීමට ලක් වූ බවයි.
මේ සම්බන්ධයෙන්, G7 කණ්ඩායමේ කටයුතු සඳහා ඉන්දියාව දක්වන දායකත්වය, විශේෂයෙන් ප්‍රධාන සාර්ව ආර්ථික අසමතුලිතතාවන් පිළිබඳ ගැටලුවේදී සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය හා සහයෝගිතාවය සම්බන්ධයෙන් අමාත්‍යවරු දෙපළ මෙහිදී අවධාරණය කර තිබෙනවා.







