වරකාපොල, මාහේන ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1235ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 46ක් වන තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වරකාපොල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.







