අගමැති හරිනි සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනි Patricia Lazara Pego මහත්මිය අතර හමුවක් පැවැත්වුණි.

ඒ ඊයේ (26) අග්‍රාමාත්‍ය කාර්යාලයේදීය.

මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, දැනුම හුවමාරු වැඩසටහන්, ධාරිතා සංවර්ධන වැඩසටහන් වැනි ව්‍යාපෘති ඔස්සේ දෙරටේ මානව සම්පත් සංවර්ධනය කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.