පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරන්ය සේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ හිමිනමක් කොටියෙකු විසින් සපා කෑම හේතුවෙන් අපවත් වී තිබෙනවා.
ඊයේ (26) උදෑසන කාලයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 43 ක් වූ චෙක් ජාතික හිමිනමක් බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.







