යුද්ධයේ බලපෑම කළමනාකරණය කළ හැකියි

රී ලංකා මහ බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා මාධ්‍ය‍ෙ­ව්දීන්ට පිළි­තුරු දෙමින්. නි. අධි­පති සී. අම­ර­සේ­කර මහතා ද මෙහි වේ. ඡායා­රූ­පය – සුදත් මල­වීර

මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින යුද­මය වාතා­ව­ර­ණය හේතු­වෙන් මෙරට ආර්ථි­ක­යට එල්ල විය හැකි කම්ප­න­කාරි තත්ත්ව කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට අවශ්‍ය විදේශ සංචිත මේ වන විට ඉහළ මට්ට­මක පව­තින බව මහ බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා පව­සයි.

මේ තත්ත්වය මත මෙරට ආර්ථි­කය සුර­ක්ෂිත බවත් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7.3ක ඉහළ සංචි­ත­යක් පව­තින බවත් මහ බැංකු අධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි. මෙය මෑත කාලය තුළ වාර්තාවූ ඉහ­ළම විදේශ සංචිත ප්‍රමා­ණය බව ද ඔහු පෙන්වා දුන්නේය.

මහ බැංකු මූල­ස්ථා­නයේ ඊයේ (25) පෙර­ව­රුවේ පැවති මාධ්‍ය හමු­ව­කදී මාධ්‍ය­වේ­දීන් නැඟු ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ඔහු මේ බව සඳ­හන් කළේය.

පසු­ගිය කාල­සී­මාවේ මුහුණ දීමට සිදුවූ කොවිඩ් වසං­ග­තය, දිට්වා සුළි කුණාටු සහ දැඩි ආර්ථික අර්බු­දය වැනි අභි­යෝ­ගා­ත්මක අවස්ථා හමුවේ ශ්‍රී ලාංකික ජන­තාව පෙන්වූ ඔරොත්තු දීමේ හැකි­යාව පිළි­බ­ඳව ද මහ බැංකු අධි­ප­ති­ව­රයා මෙහිදී සිහි­පත් කළේය. පව­තින ගෝලීය තත්ත්වය හමුවේ වුව ද යම් යම් සංශෝ­ධන සිදු කර­මින් ආර්ථි­කය ස්ථාව­රව ඉදි­රි­යට ගෙන යෑමේ හැකි­යාව පව­තින බව තමා විශ්වාස කරන බව ද ඔහු වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

ජය­සිරි මුණ­සිංහ