විදේශ දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන විදේශීය දුම්වැටි 1300ක් සමඟ විදේශ ජාතිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තිස්හත් හැවිරිදි චීන ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කරයි.

ලද තොරතුරක් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.