බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද(25) මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවැතිය හැකි බව උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම අද(25) බස්නාහිර , සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උපාලි කරුණාරත්න







