කිරි­පිටි තිරිඟු පිටි මිල නංවන්නේ නෑ

ඉන්ධන මිල ඉහළ යාමෙන් ගැට­ලු­කාරි තත්ත්ව­යන් මතු වුවද ආන­ය­නික කිරි­පිටි සහ තිරිඟු පිටි මිල මේ මොහොතේ ඉහළ නොද­මන බවට කිරි­පිටි ආන­ය­න­ක­රු­වන් සහ තිරිඟු පිටි සමා­ගම් වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමූ­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා සමඟ පැවැති සාක­ච්ඡා­ව­කදී ඊයේ (23) සහ­තික විය.

ඒ අනුව

තවත් මාස තුනක කාල­ය­කට ප්‍රමා­ණ­වත් ආන­ය­නික කිරි පිටි හා තිරිඟු පිටි තොග පව­තින බැවින් සිංහල හා දෙමළ අලුත් අවු­රුදු සමය අව­සන් වන තෙක් කිසිදු ආකා­ර­යක මිල වැඩි කිරි­මක් සිදු නොක­රන බව­ටද ආන­ය­න­ක­රුවෝ සහ සමා­ගම් නියෝ­ජි­ත­වරු මෙහි දී ඇමැ­ති­ව­රයා හමුවේ පැවැ­සූහ. පව­තින යුද­මය තත්ත්වය හේතු­වෙන් සැප­යුම් හා බෙදා­හැ­රීමේ ජාල­යන්ට එල්ල වී ඇති බල­පෑම් හා අඛණ්ඩ සැප­යු­මක් පවත්වා ගෙන යාම පිළි­බඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සාක­ච්ඡාව අමා­ත්‍යං­ශ­යේදී පැවැ­ත්විණි. ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොල­රයේ අගය තම නිෂ්පා­දන පිරි­වැ­යට යම් බල­පෑ­මක් එල්ල කළ ද මෙම අසීරු අව­ස්ථාවේ ජන­තාව වෙනු­වෙන් රජය සමඟ එක්ව ජන­තා­වට යම් සහ­න­යක් ලබා­දීම අපේ­ක්ෂාව බව ඔවුහු කීහ.

ඉන්ධන කෝටාව නිසා බෙදා හැරී­ම්ව­ලට බල­පෑම් එල්ල වී ඇති බව ආන­ය­නික කිරි පිටි හා තිරිඟු පිටි සමා­ගම් මෙහිදී අමා­ත්‍ය­ව­ර­යාට පෙන්වා දුන් අතර ආහාර බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවා­හන සේවා සප­ය­න්නන්ගේ ඉන්ධන අව­ශ්‍යතා හඳුනා ගැනී­මට සහ එම අංශයේ සැල­සු­ම්ක­ර­ණය විධි­මත් කිරීම අර­මුණු කර ගනි­මින් හඳුන්වා දුන් විශේෂ දත්ත රැස්කි­රීමේ වැඩ­ස­ට­හ­නට ලියා­ප­දිංචි වන ලෙස අමා­ත්‍ය­ව­රයා සමා­ගම් වෙත උප­දෙස් දුන්නේය.

මෙම සාක­ච්ඡා­වට අමා­ත්‍යාංශ ලේකම් කේ.ඒ. විම­ලේ­න්ති­ර­රාජා, අති­රේක ලේකම් ගිල්මා දහ­නා­යක, වෙළෙඳ හා පර්යේ­ෂණ අංශයේ අධ්‍යක්ෂ කුමුදු මීග­හගේ මෙන්ම පාරි­භෝ­ගික අධි­කා­රියේ සභා­පති හේමන්ත සම­ර­කෝන්, ලංකා සතොස සභා­පති රවීන්ද්‍ර ප්‍රනාන්දු, සමු­ප­කාර තොග වෙළෙඳ සංස්ථාවේ සභා­පති කෝසල විල්බාව මහ­ත්වරු ඇතුළු නිල­ධාරි පිරි­සක් සහ­භාගි වූහ.

රන්මලී සෝම­සිරි