2026 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 1.6% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එය 2026 ජනවාරි මාසයේ දී 2.4% ක් ලෙස වාර්තා වී ඇති බවයි පෙබරවාරි මාසය සඳහා වන වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම 2026 ජනවාරි මාසයේ දී 3.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය, 2026 පෙබරවාරි මාසයේ දී 1.1% ක් දක්වා අඩුවී ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) පෙබරවාරි මාසය සඳහා 1.9% ක් දක්වා වැඩිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ වාර්තාව පහතින්.








