බලශක්ති අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහාය ලබන ත්‍රිකුණාමල ව්‍යාපෘතිය කෙරෙහි අවධානය යොමු කරයි
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙවන ලෝක යුද සමයේ ඉදිකර ඇති තෙල් ටැංකි නැවත සංවර්ධනය කිරීම බලශක්ති අර්බුදයට “ස්ථිර විසඳුම” බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහාය දක්වන මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ද ඇමැතිවරයා කියා සිටියි.
“තාවකාලික විසඳුම් තිරසාර නොවේ, ගෝලීය බලශක්ති තත්ත්වය අනුව තෙල් ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අපට දිගුකාලීන උපාය මාර්ගයක් අවශ්‍යයි,” යනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සෙනසුරාදා ද හින්දු පුවත්පතට සද හන් කර ඇත.







