මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් සමාගම් කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල පවසනවා.
විදේශ ගුවන් සමාගම්වල ඉල්ලීම පරිදි, මැද පෙරදිග රාජ්‍යයන් කිහිපයකට එම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් ඇතුළු පාර්ශ්ව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.







